ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බව අද උදෑසන 6ට වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දමමින් පවතිනවා.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය වාන් දමමින් ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් ඇත.
කලාවැවේ වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැගින් සහ තවත් වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.
නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.
අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවද සඳහන්ය.
මේ අතර පස් කණ්ඩි කඩාවැටීම් ඇතුළු සිදුවීම් නිසා බදුල්ල, මාතලේ, කිලිනොච්චිය, කෑගල්ල, අනුරාධපුරයේ මාර්ගවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එසේම පොළොන්නරුවේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බව ද දැනුම් දෙනවා.

