TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරික මෙහෙයුම්වල බහුතර කොටස් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රධාන විධායක නිලධාරී ෂෝ ෂි චව් විසින් යවන ලද නිල නිවේදනයකට අනුව, ඒකාබද්ධ ව්‍යාපාරයෙන් අඩක් Oracle, Silver Lake සහ එමිරාටි ආයෝජන සමාගමක් වන MGX ඇතුළු ආයෝජකයින් කණ්ඩායමකට අයත් වනු ඇත.
මෙම ගිවිසුම යටතේ, බයිට්ඩෑන්ස් ව්‍යාපාරයෙන් 19.9% ක් රඳවා ගන්නා අතර, Oracle, Silver Lake සහ අබුඩාබි පදනම් කරගත් MGX 15% බැගින් හිමිකර ගනු ඇත.
එසේම තවත් 30.1% ක් පවතින බයිට්ඩෑන්ස් ආයෝජකයින්ගේ අනුබද්ධ සමාගම් විසින් දරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ගනුදෙනුව ජනවාරි 22 වන දින අවසන් වීමට නියමිතයි.
අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත කළමනාකරණය සහ ආරක්ෂාව මෙතැන් සිට Oracle සමාගම විසින් මෙහෙයවනු ලබන පද්ධතියක් හරහා සිදු කෙරෙනවා.
TikTok හි විශේෂිත නිර්දේශිත ඇල්ගොරිතමය (Algorithm) අඛණ්ඩව භාවිත කිරීම සඳහා Oracle සමාගම බලපත්‍ර ලබා ගනු ඇති.

