මධ්‍යම පළාතේ සියලු පාසල් වලට නිවාඩුවක්

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන මහත්මිය සඳහන් කළේ.