නොවැම්බර් ගමන් වාර ප්‍රවේශපත්‍රය දෙසැම්බර් වලටත්

පාසල් දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.

ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර දෙසැම්බර් මාසයේ ද ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවයි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

මේ අතර ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වු අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට ගුරුවරුන් සුදානම්ව සිටන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.