වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 46,702ක්

මෙම වසරේ ගතවූ මාස 11 1/2 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හතළිස් හයදහස් හත්සිය දෙදෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

එසේම මෙම කාලය තුළ ඩෙංගු මරණ 24ක් සිදුවී ඇත.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව දොළොස් දහස් හැටදෙකක් වනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6,977ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 2,062ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 4,860ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2,227ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 3,996ක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් 1,271ක් ද වාර්තා වී ඇත.

මේ අතර ගත වූ අවසන් සතිය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 1,050ක් ලෙස සඳහන්.