2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව 2025 නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙසින් සටහන් වී ඇත.
ඒ අනුව මේ සමඟම මේ වසරේ ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2024 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඩොලර් බිලියන 5.96ක ප්‍රේෂණ ලැබීම් අගය හා සැසඳීමේ දී 20.7%ක වර්ධනයකි.

