අද ඩොලරයේ වටිනාකම

සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305 සිට රුපියල් 304.80 දක්වා අඩු වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රුපියල් 312.57 සිට රුපියල් 312.39 දක්වා පහත වැටී තිබේ.