මොරටුවේ අනතුරක් සිදුකළ යතුරුපැදිකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරක් සිදුකළ යතුරුපැදිකරු මේ මස 30 වනදා දක්වා අද (18) යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඉකුත් දෙසැම්බර් 04 වනදා රාත්‍රීයේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරු වේගය පාලනය කරගත නොහැකිව, පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි ගැබිණි මවක් සහ ඇයගේ කුඩා දියණියන් දෙදෙනාගේ ගැටීමෙන් එම අනතුර සිදුවී තිබුණි.

එම අනතුරෙන් වසරක් වියැති දැරිවියක් සහ  7 හැවිරිදි දැරිවියක් එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර ඔවුන්ගේ මව බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.