දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස්වල ගමන් කිරීම් පහසුකම

දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය.

මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.