අස්වැසුම නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කරයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඒ අනුව පසුගිය මස 10 දින සිට මෙම මස 10 වැනි දිනය දක්වා ලබා දී තිබූ කාලය රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මස 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවය.

ඒ අනුව සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වූ අස්වැසුම පළමු අදියරට අදාළව දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් සහ තැනැත්තන් සිට තොරතුරු යථාවත් කිරීම සඳහා එම කාලසීම තුළ පියවර ගන්නා ලෙස ද එම නිවේදනයේ දක්වා තිබෙනවා.