පාසල් ආරම්භක දිනයේ දැනට වෙනසක් නැහැ

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහත කියා සිටියේ.

මේ අතර පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.