රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (27) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 304.20 සිට රුපියල් 304.22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල රුපියල් 311.75 සිට රුපියල් 311.78 දක්වා ඉහළ ගොස් තිබේ.