කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වෙයි

කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීම ද තාවකාලිකව නවතා දමා ඇත.