ලබන සෙනසුරාදා දිනයේද (29) 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයන් පැවැත්වෙන්නේ නැහැ.
මෙම දිනයන් වෙනුවට ලබන දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ.
ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙනු ඇත.

