ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ අතර දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය මත සියලු දිස්ත්‍රික්කවල සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සක්‍රීයව සේවයේ යොදවා ඇත.

එසේම අවතැන් වූවන් සඳහා සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.