අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය අද

අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය අද පැවැතිවීමට නියමිතයි.

අද විවාදයට ගැනෙන්නේ ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි.

ඒ අනුව අද දිනයට අදාළ න්‍යාය පත්‍රය පහතින්,

පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30;
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00;
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30;
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

පෙ.ව. 10.30 සිට ප.ව. 6.00;
විසර්ජන පනත් කෙටුම්පත – 2026 – කාරක සභාව

ප.ව. 6.00 සිට ප.ව. 6.30;
සභාව කල් තබන අවස්ථාවේදී යෝජනාව