උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන

උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එම මිළ ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතිනවා.

ඖෂධ වර්ග 350 කට උපරිම මිල නියම කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා පියවර ගනු ලැබුවා.

උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව මේ වනවිට WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇත.

මෙලෙස මිල නියම කිරීමත් සමග ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් සියයට 40 කට උපරිමයකට යටත්ව මිළ අඩු කෙරුණි.