බැංකු කාඩ්පත් මගින් බස් රථ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව, තෝරා ගත් මාර්ග සඳහා අද (24) සිට ලබා දීමට නියමිතව තිබෙනවා.
එහි සමාරම්භක උත්සවය අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.
ඩිජිටල් සහ ප්‍රවාහන අමාත්‍යාංශ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
බස් ගාස්තු සඳහා මුදල් ලබාදීමේ දී ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් හේතුවෙන් ඊට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

