අයවැය කාරක සභා විවාදය අද (24) අටවන දිනට පැවැත්වෙනවා.
අද විවාදයට ගැනෙන්නේ ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන,ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි.
ඒ අනුව අද දිනයට අදාළ න්‍යාය පත්‍රය පහතින්,
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00;
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30;
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00;
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 6.00;
විසර්ජන පනත් කෙටුම්පත – 2026 – කාරක සභාව
ප.ව. 6.00 සිට ප.ව. 6.30;
සභාව කල් තබන අවස්ථාවේදී යෝජනාව

