කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) දින ඒකක 172.02කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,051.66ක් ලෙසයි.

එය ප්‍රතිශතයක් ලෙස 0.74%ක පහළ යෑමක් වනවා.

මේ අතර අද දවස අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 4.4ක් ලෙස දැක්වෙනවා.