මෙම මාසයේ මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 32,815 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 7,830ක් ලෙස සටහන් වෙනවා.
මීට අමතරව රුසියාව, ජර්මනිය, එක්සත් රාජධාණිය සහ ඕස්ටේ්රලියාව ආදී රටවල් කිහිපයකින්ම එම කාලය තුළදී සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
මේ සමඟම මෙම වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂ 23, 502 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

