ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2025 (2026) සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු බවට දැනුම් දී තිබෙනවා.
අයදුම්පත සම්පුර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://doenets.lk වෙත පිවිස ” අපගේ සේවා” යටතේ ඇති “Piriven Exam Information Center” වෙත පිවිසිය යුතුය.
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ.
මාර්ගගත අයදුම්පත් භාරගැනීම ලබන නොවැම්බර් 28 දින ප.ව. 9.00ට අවසන් වීමට නියමිතයි.

