තුන්වන වාරයේ පළමු අදියරය අද අවසන් වෙයි

රජයේ පාසල්වල 2025 අධ්‍යන වර්ෂයේ තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව හෙට සිට දෙසැම්බර් 07 වැනිදා දක්වා පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක වනු ඇති.

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙනුයි මෙම නිවාඩුව ලබා දෙන්නේ.

තුන්වැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 8 වෙනි සඳුදා සිට දෙසැම්බර් 19වෙනි සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනවා.