ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද පවත්වා තිබෙනවා.
මෙහි දී ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විපක්ෂනායකවරයා තැබූ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ.
එසේම ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය අතරතුර නැවත වරක් නැගී සිටීමට ශ්‍රී ලංකාවට විශේෂ දායකත්වයක් ලබා දීමට ජයශංකර් මහතා මැදිහත් වූ බව ද විපක්ෂනායකවරයා මෙහි දී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කර තිබෙනවා.

