නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

 2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර තිබෙනවා.

යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වේ.

නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙම සංචිතයේ තිබෙනවා.

කණ්ඩායම් 8ක් සහභාගී වන මෙවර තරගාවලිය නොවැම්බර් 14වැනිදා සිට 23 වැනිදා කටාර්හි සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.