මන්ත්‍රීවරුන් 20ක් ගිනි අවි ඉල්ලයි

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා.

අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයාද එකඟතාව පල කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයකින් පසුව ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.