ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හදුන්වා දිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පවසනවා.
වරින් වර ඉන්ධන මිල ගණන් වෙනස් වුව ද ප්‍රවාහන ගාස්තු සංශෝධනය කළ නොහැකි බවයි කොළඹදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පෙට්‍රල් මිල අඩු කිරීම තුළින් ජනතාවට සහනයක් ලැබී නොමැති බවයි.

