ගංගා සහ ජලාශවල ජල මට්ටම අඩුවුව ද පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයන්ට අනුව ඉදිරි පැය 24 තුළ ද බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ වැසි ඇතිවීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.
කළු ගඟේ ජල මට්ටම ද යම් ඉහළයාමක් වාර්තා වන අතර තවත් ජලාශ 15ක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා.
මේ අතර ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සූදානමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

