තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අද තායිලන්ත සහ කාම්බෝජ අග්රාමාත්යවරුන් විසින් අත්සන් තබා තිබෙනවා.
මැලේසියාවේ දී අත්සන් තැබීමේ මෙම අවස්ථාවට දෙරට අතර සාම ක්රියාවලියේ මැදහත්කරුවෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ද සහභාගී වුණා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවති ASEAN සමුළුවට සමගාමීව මෙම අත්සන් කිරීම සිදුවුනා.
මෙම ගිවිසුම යටතේ දේශසීමා ප්රදේශයෙන් බර අවි සහ හමුදා උපකරණ ඉවත් කිරීම ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති අතර සියලු සතුරුකම් නවත්වන බවට ද දෙපාර්ශවය පොරොන්දු වී තිබෙනවා.
එසේම තායිලන්තයේ රඳවා සිටින කාම්බෝජ සොල්දාදුවන් 18 දෙනෙකු වහාම නිදහස් කිරීමට ද තායිලන්තය එකඟත්වය පළ කර ඇත.

