Nothing Technology Limited සමාගම විසින් ඔවුන්ගේ Phone (3a) series එකට හඳුන්වා දෙන නවතම සාමාජිකයා Nothing Phone 3a Lite, ලබන මස මුල නිකුත් වෙතැයි අපේක්ෂා කරනවා.
මෙය budget phone එකක් ලෙස සැලකිය හැකි Android ස්මාර්ට් දුරකතනයක් වීම විශේෂත්වයක්. එනම් මෙහි මිල මේ series එකේ අනෙකුත් දුරකතනවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වෙන බවක් තමයි කියන්නේ.
මෙහි මිල සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට කාන්දු වී තිබෙනවා.
ඒ අනුව එම වාර්තාවලට අනුව සමහර යුරෝපීය රටවල මෙම ජංගම දුරකථනය යුරෝ 239.99 කට වඩා අඩු මිලකට ලබා ගත හැකි වනවා.
මෙය කළු හෝ සුදු යන වර්ණ වලින් ලබා ගත හැක. එය 8GB RAM + 128GB storage එකකින් යුතු බවයි තවදුරටත් දැක්වෙන්නේ.
මෙය Android 15 සහ Nothing OS 3.5; 3 වලින් බලගැන්වී තිබෙනවා.

