කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
අද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව පස්වරුවේ මේ වන විට දෙවන වර කියවීමේ විවාදය පවත්වා අවසන් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂක සංශෝධන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සලකා බලා තෙවන වර කියවීම සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

