තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද (21) උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී අත්හි අතර එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිර බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.