පවතින අධික වර්ෂාව හේතුවෙන් අදත් (19) ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන ඇත.
එහි තත්පරයකට ඝණ අඩි 5,190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පවතින බව සඳහන් වේ.
මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වැසි හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට මෙසේ අද දිනයේදී වාන් දොරටු 04 ක් විවෘත කළ බව එම කාර්යාලය සඳහන් කරන්නේ.
මේ අතර කලා වැවේ වාන් දොරටු 02ක් ද මේ වන විට අඩි දෙක බැගින් ඔසවා තිබෙනවා.
ඒ අනුව කලා වැවෙන් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,447ක ජල ධාරිතාවයක් පිට කරනු ලබනවා.
එමෙන්ම දඹුලු ඔය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලා වැවට තප්පරේට ගණ අඩි 4,545ක ජලධාරිතාවයක් ලැබෙමින් පවතින බව කලාවැව සහ බෝවතැන්න ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා පැවසුවේය.
රාජාංගනය ජලාශයේ ද මේ වන විට වාන් දොරටු හයක් විවෘත කර ඇත.
එයින් තත්පරේට ගණ අඩි 4,990ක් කලාඔයට මුදා හරිමින් පවතිනවා.
අංගමුව ජලාශයේ ද මේ වන විට වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එයින් තත්පරේට ගණ අඩි 2,824ක් කලා ඔයට මුදා හරිමින් පවතී.

