වසරේ මේ දක්වා රුපියල 3.4%කින් අඩු වෙලා

මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3 යි දශම 4 ක් අවප්‍රමාණය වීතිබෙනවා.

මේ අතර සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ලෙස ස්ථාවරව පැවතුණ බවයි එම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කර වල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී තිබෙනවා.