රාජාංගනය සහ අංගමුව වාන් දොරටු විවෘත කරයි

දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු දැනට විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි හයකින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 8,352ක මුළු ජල ප්‍රමාණයක් මුදා හැරෙනවා..

එසේම අංගමුව වැවේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 2,994ක් ජල ප්‍රමාණයක් මුදා හරී.

පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ඊයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

පවතින අධික වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගෙන තිබෙනවා.