පිළිකා වර්ග පහසුවෙන් හඳුනා ගත හැකි අලුත්ම පරීක්ෂණය – Grail Test

පිළිකා වර්ග 50කට වඩා වැඩි ප්‍රමාණයක් පහසුවෙන් හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් හඳුන්වා දීමට ඇමරිකානු ඖෂධ සමාගමක් වන ග්‍රේල් සමත් වී තිබෙනවා.

මෙය Grail Test ලෙස ඔවුන් හඳුන්වා දී තිබෙනවා.

පිළිකාවක් කැඩී ගොස් රුධිරයේ සංසරණය වන පිළිකා DNA කොටස් හඳුනා ගැනීම සඳහා මෙය නිර්මාණය කර ඇති බව සඳහන්.

මෙම අත්හදා බැලීම වසරක් පුරා ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වැඩිහිටියන් 25,000ක් යොදා ගනිමින් සිදු කෙරුණු අතර ඉන් අවස්ථා 62%ක් සඳහා පිළිකා පසුව තහවුරු කර තිබෙනවා.

එහි දී පිළිකා වලින් අඩකට වඩා මුල් අවධියේදී අනාවරණය වූ අතර, මේ හේතුවෙන් ඒවා ප්‍රතිකාර කිරීමට පහසු සහ සුව කළ හැකි විය හැකි වූ බව සඳහන්.