දීපාවලි වලට ගමට යන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

ලබන 20 වැනි දිනට යෙදී ඇති දීපාවලී උත්ස­වය වෙනු­වෙන් විශේෂ බස් සේවා­වක් යොදවා ඇතැයි ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව පවසනවා.

මේ බස් සේවාව පිට­කො­ටුව බැස්ටි­යන් මාවත කේන්ද්‍ර කර­ගෙන සූදානම් කර ගෙන තිබෙනවා.

ඒ අනුව හැටන් – බදුල්ල, වවු­නි­යාව – යාප­නය යන ගම­නා­න්ත­ව­ලට වැඩිම මගී ඉල්ලු­මක් අපේක්ෂාවෙන් බස් ඇණි­යක් සූදා­නම් කර ඇති අතර මේ මාර්ග සඳහා අව­සර පත්‍ර නිකුත් කර ඇති බස් රථ උප­රිම ධාරි­තා­ව­යෙන් යුක්තව ධාව­නය කර­වී­මට සැල­සුම් යොදා ඇති බවයි ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව සඳහන් කරන්නේ.

එසේම ගම්වල සිට යළිත් කොළඹට පැමිණීම සඳහාත් ප්‍රවාහන සේවා සපයනු ලබන බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.