ලබන 20 වැනි දිනට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මේ බස් සේවාව පිටකොටුව බැස්ටියන් මාවත කේන්ද්‍ර කරගෙන සූදානම් කර ගෙන තිබෙනවා.
ඒ අනුව හැටන් – බදුල්ල, වවුනියාව – යාපනය යන ගමනාන්තවලට වැඩිම මගී ඉල්ලුමක් අපේක්ෂාවෙන් බස් ඇණියක් සූදානම් කර ඇති අතර මේ මාර්ග සඳහා අවසර පත්‍ර නිකුත් කර ඇති බස් රථ උපරිම ධාරිතාවයෙන් යුක්තව ධාවනය කරවීමට සැලසුම් යොදා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
එසේම ගම්වල සිට යළිත් කොළඹට පැමිණීම සඳහාත් ප්‍රවාහන සේවා සපයනු ලබන බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

