අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (17) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.15 සිට රුපියල් 299.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 306.64 සිට රුපියල් 306.76 දක්වා ඉහළ ගොස් තිබේ.