කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් වාර්තාවක් තියයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට අද (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ දී එය ඒකක 22,633.80ක් ලෙසින් සටහන් වුණා.

එසේම S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 6,263.03ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය අවසානයේ සමස්ත පිරිවැය සටහන් වුණේ රු. බිලියන 11.28ක් ලෙසයි.