අද (17) මධ්‍යාහ්න 12 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී තිබෙනවා.
ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම මෙමඟින් අපේක්ෂා කරන බවයි ගුවන් තොටුපොල සඳහන් කරන්නේ.
මීට පෙර මෙම කාලසීමාව පැවතුණේ පැය 3කට පෙරය.

