දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු මැද, මධ්‍යම, ඌව පළාත් සහ මාතර, හම්බන්තොට, අම්පාර, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවල මෙලෙස වැසි සමග අකුණු ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ප්‍රබල අකුණු හේතුවන් ඇති විය හැකි අනතුරු වලක්වා ගැනීමට පියවර ගන්න ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

