මෙම මාසයේ මුල් දින 09 තුළදී විදෙස් සංචාරකයින් 46,868 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 14,221 ක් බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තා වල දැක්වෙන්නේ.
මීට අමතරව චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසකින් ද එම කාලය තුළදී සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.
මේ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,772,362 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

