මේ වසරේ අවසන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වැනිදා ප්රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන අවසන් කාර්තුව සදහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි අවසන් අදහස් විමසීම පසුගිය 8 වැනිදා බස්නාහිර පළාතේදී සිදු කෙරුණා.
එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් එළඹෙන අඟහරුවාදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ප්රකාශයට පත්කරන බවයි එම කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ.
මේ අතර ඊයේ කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල ප්රකාශ කළේ විදුලිබිල වැඩි කළහොත් ඊට එරෙහිව අරගල සිදු කරන බවයි.

