ස්කොට්ලන්තය, ආර්තව දුගීභාවය (period poverty) නිමාකොට ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දෙන ප්‍රථම රට බවට අඟහරුවාදා (24) පත්ව තිබෙනවා.
කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් 24 වන දා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ පනතට එම පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට ගුණාත්මක බැවින් යුත් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාවක් නොමැති අතර ආර්තව දුගීභාවය යන්නෙන් සරලව අදහස් වන්නේ එයයි.
ලංකාව තුළ ද ආර්ථික අපහසුතා නිසා සනීපාරක්ෂක තුවා වැනි නිෂ්පාදන වෙනුවට මාස් ශුද්ධිය සිදුවන දිනවල රෙදි කැබලි ඒ වෙනුවෙන් භාවිත කරන ගැහැණු දරුවන් සහ කාන්තාවෝ තවමත් සිටිනවා.

