බුරෙවි කුණාටු තත්වය හේතුවෙන් අද (04 වැනිදා) දිනයේ දී උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් අද (04 වැනිදා) දිනයේ දී ඇති විය හැකියි.
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකියි.
එමෙන්ම, මීගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකක් තුනක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත්, මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

