රුපියල් මිලියන 77,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 77,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් බිලියන 15,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් බිලියන 35,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

එසේම දින 364න් කල් පිරෙන රුපියල් බිලියන 27,500 භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙනවා.