චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක 100% තීරු බද්දක්

ලබන මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක 100% තීරු බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

එසේම චීනයෙන් ආනයනය කරන මෘදුකාංග සඳහා ද අපනයන පාලනයන් ද පනවන බවයි සමාජ මාධ්‍ය වල සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.

දුර්ලභ පස් අපනයනය සඳහා වන නීති දැඩි කිරීමට චීනය ගත් තීරණය ට්‍රම්ප් විසින් බෙහෙවීම් විවේචනය කළ අතර ඊට පිළිතුරු ලෙසයි මෙම තීරුබදු පැනවීම සිදු කර ඇත්තේ.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පසු මූල්‍ය වෙළඳපොළවල් විශාල වශයෙන් පහත වැටුණු අතර, S&P 500 දර්ශකයන් 2.7% කින් පහත වැටි තිබෙනවා.