ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.92 සිට රු. 298.98 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 306.39 සිට රු. 306.45 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

