ආගම කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන ඉතාම වැදගත් අංගයක්. සංකෘතිය සහ ආගම යන දෙක එකට ඉතා සමීපව බැඳිලා තියෙනවා. වර්තමානයේ ආගම සම්බන්ධයෙන් විවිධ රැඩිකල් මත පැවතුනත්, සමාජයේ සදාචාරය සහ යහපැවැත්ම සඳහා ආගම විසින් දෙන දායකත්වය සුළුපටු නොවේ.
බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් සහ හින්දු යනු ලංකාවේ පවතින ප්‍රධාන ආගම් කිහිපයකි. මේ අතරින් බෞද්ධ ආගම ලංකාවේ සංස්කෘතිය සමඟ සමීපව බැඳී තිබෙනවා. කෙසේනමුත් මේ ආගම්වල පොදු හරය දෙස බැලුවහොත් ඒ සෑම ආගමකින් උගන්වන දෙය බොහෝ සෙයින් සමානය. එය වනාහි යහපත් වූ ජිවිතයක් ගත කරන්නේ කෙසේද යන්න මිනිසාට ඉගැන්වීමටයි. යහපත් වූ ජිවිතයක් ගත කිරීම සඳහාත්, සමාජයේ යහපැවැත්ම සඳහාත් ආගම මිනිසාට මඟ පෙන්වයි.
මනස, එසේත් නොමැති නම් සිත යනු මේ සෑම ආගමක වැදගත් තැනක් දෙන අංගයකි. බෞද්ධ සහ හින්දු ආගම දෙකෙහි ම මනස අපේ මේ භෞතික කයෙන් වෙන් වුණු, මරණින් පසු ශරීරයෙන් ශරීරයට ගමන් කළ හැකි යමක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
“මනං උස්සතීති මනුස්සා”, එනම් මනසින් උසස් තැනැත්තා මනුෂ්‍යයාය ලෙස බුදු දහමේ දක්වා තිබෙනවා.
ආගම් සියල්ලන්ගේම මේ මනසට ඉතා උසස් ස්ථානයක් ලබා දී ඇති අතර දෙවියන් වහන්සේ හා සම්බන්ධ විය හැකි වන්නේ ද මේ මනස හරහා වන නිසා මනස පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් කරුණක් බවයි ආගමේ දක්වා ඇත්තේ.
මනස සුවපත් කරන ව්‍යායාමයේ මූලික ස්ථානයක් දී ඇත්තේ භාවනාවටයි. බුදුදහමේ නම් ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනව ආදී වශයෙන් ගිහියන් ට සිය මානසික සෞඛ්‍ය යහපත් ලෙස තබා ගැනීමට යෝජනා කර තිබෙනවා.
භාවනාව හරහා සිත මෙන්ම ගතත් සුවපත් වන බවත්, ඒ හරහා අපිට එදිනෙදා ජීවිතයේ දී ඇති වන සරල මට්ටමේ සිට විශාදය, කාංසාව දක්වා වූ සංකීරණ මට්ටමේ ගැටළු වලට ද විසඳුම් බලා ගත හැකි බව අද වන විට විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. භාවනාව හරහා අපගේ ශරීරයේ රුධිර ධාතුව සුවපත් වන අතර ශරීරයට වටා ඇති ඕරාව ශක්තිමත් වෙමින් සඳ එළියක් වැනි වූ පැහැයකට හැරෙනවා. භාවනාව හරහා සිත සන්සුන් කළ හැකි වෙනවා, සහ සිත ශක්තිමත් කළ හැකි වනවා.
මේ නිසාම අද බොහොමයක් බටහිර රටවල ද මිනිසුන් මේ භාවනාව වෙත යොමු වී තිබෙනවා. විශේෂයෙන් ම තායිලන්තයේ සමහර මිනිසුන් උදෑසන සිය රාජකාරි සඳහා පිටත්ව යෑමට පෙර පැයක පමණ භාවනා වැඩසටහන් සඳහා භාවනා ආශ්‍රම වෙත යනවා. භාවනාව යනු ආගමකට සීමා වූ යමක් නොවේ.
උපදේශනයේ දී යොදා ගන්නා simple relaxation ක්‍රමවේදය මේ ආනාපානසති භාවනාව ආශ්රයෙන් ගොඩනැගුවක් වනවා. මේ නිසා දිනකට අවම විනාඩි 20ක් හෝ භාවනාව සිදු කිරීම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගෙන යන්න උදව් වෙනවා.

ඒ වගේම ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත් වල යෙදීම සහ අනෙක් අය සමඟ ඒ ආගමික උත්සව වලට සහභාගී වීම හරහාත් අපේ මනසේ තියෙන ආතතිය සමනය කර කර ගන්න පුළුවන්.
ආගමික ස්ථාන වල තියෙන සුබ ශක්තින් අපේ සිත සුවපත් කරනවා කියලා බටහිර පර්යේෂණ වලින් පවා හොයා ගෙන තියෙනවා. ඒ නිසා ආගම කුමක් වුණත් ආගමික ස්ථාන වලට යාම අපේ හිතට සහනයක් ගෙන දෙනවා. සෑම ආගමික ස්ථානයකම වගේම පාවහන් ඉවත් කර ඇතුළු වීම නිසා අපිට පොලොව සමඟ ගැටෙමින් grounding වීමටත් පුළුවන්. අපේ කකුල් පොළොවේ ගැටෙමින් තෙරපීම ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යටත් හොඳ දෙයක් වෙනවා.
ඒ වගේම තමයි ආගමේ එන පිරිත්, යාතිකා, ගීතිකා වගේම දේශනා වලට සවන් දීමෙනුත් අපිට අපේ හිතේ තියෙන වේදනාව මකා ගන්න පුළුවන් වෙනවා. ඒ ශබ්ද තරංග හරහා සිත සුවපත් කරනවා. සිතේ තියෙන අමුතු දුක් සහිත පිඩාකාරි ස්වාභාවය නැති කරලා දාන්න පිරිත් වලට පුළුවන් කියලා හොයා ගෙන තියෙනවා.
අපේ සිතේ අනෙක් අය කෙරෙහි තියෙන වෛරී සිතුවිලි මඟ හැරලා, අපේ දුකට හේතුව හඳුනා ගෙන එය නැති කරන්නත් ආගමික දේශනා අපිට උගන්වනවා. ජීවිතයේ අරමුණක් නොමැති වූ අවස්තාවක ජීවිතයට අරමුණක් සකස් කර ගන්න වගේම යම් යම් කරදරකාරී සහ පීඩාකාරී අවස්ථා වල දී ඒවායින් ගැලවීමට මාර්ගයක් විදිහටත් ආගම අපිට උදව් කරනවා.
ආගම විසින් අපිට අර්බුධ වලට මුහුණ දෙන්න ශක්තියක් දෙනවා. ආගම්වල එන දෙවියන්ගේ කැමැත්ත, කර්මය වගේ දේවල් අපිට අපේ ජීවිතයේ සිදු වෙන යම් යම් දේවල් තේරුම් ගන්න උදව් වෙනවා. ඒ දේවල් හරහා අපිට අපේ හිතේ තියෙන දුක තුනී කර ගන්න පුළුවන් වෙනවා.

ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දිනයේ සියලුම දෙනා පල්ලිවලට රැස් වෙනවා, ඒ වගේම තමයි සෙනසුරාදා හෝ ඉරිදා දිනවල දී කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් කතෝලික පල්ලි වෙත රැස් වෙනවා. හින්දු ආගමික අය එයාලගේ උත්සව සඳහා කෝවිලට රැස් වෙනවා. බෞද්ධ බැතිමතුන් පොහොය දවසට පන්සල් යනවා. ආගමික ස්ථානවල පැවැත්වෙන මෙම ඒකරාශී වීම් හරහා අපිට අපි මේ සමාජයේ කොටස්කරුවන් සහ තමන් යම් කණ්ඩායමකට අයිති අනන්‍යතාවයක් ඇති පුද්ගලයෙක් කියන හැඟීම එනවා. හුදකලාව සහ මානසික පීඩනය අවම වෙනවා.
කතෝලික පල්ලි වල ඇති පාපොච්චාරණ ක්රමවේදයත් උපදේශනයට ගොඩක් සමාන වෙනවා. යමෙක්ගේ සිතේ පැසවන, ඔහුව පිඩාවට පත්කරන යමක් ඇත්නම් එය තව කෙනෙක්ට පැවසීමෙන් ඒ කෙනාගේ සිතේ පීඩාව අවම වෙනවා.
ඒ වගේම බෝ මලුව ඇමදීමත් සිත සන්සුන් කරන ව්‍යයාමයක්.
පුද්ගලයෙන් ආගම හරහා හොඳ අධ්‍යාත්මික මට්ටමක් ගොඩ නගා ගෙන තියෙනකොට ඔහු මේ ලෝක ස්වාභාවය ගැන අවබෝධ කර ගන්නවා, මේකේ සුළු දේවල් වලින් දුක් වෙන්නේ තැවෙන්නේ නැති සිතක් ඔහු ගොඩ නගා ගන්නනවා. ඒ නිසාම ඔහුගේ සිතේ ගැටළු අවමයි. මානසික ආබාධ කියන දේවල් ඇති වෙන්නේ නැහැ. මේ නිසාම යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් ඔහුට ලැබෙනවා.
මේ නිසා ආගම සහ මානසික සෞඛ්‍ය කියන්නේ එකිනෙකට බැඳුනු දේවල්. මේ හරහා ඔබට පුළුවන් යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගෙන යන්න උපකාරී කර ගන්න.
කොහොම වුණත් මතක් තියා ගන්න ඕනේ schizoprenia, depression, anxiety, වගේ මානසික රෝග වලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මානසික ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ආගමික කටයුතු සඳහා යොමු වන අතරම පළපුරුදු උපදේශකවරයෙක් වෙත ද යෑමෙන් ගැටලුව ඉක්මනින් නිරාකරණය කර ගන්න පුළුවන් වෙනවා.


